ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායමට පරදී

 11/13/2017 - 18:00
43 reads

ආසියානු යොවුන් එක් දින ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වූ තරඟයෙන් පරාජයට පත් වුණා.
පාකිස්තාන යොවුන් කණ්ඩායම සමග පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුළු 3කින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 141 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 32 යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news