මැතිව්ස් පිතිකරණයේ පමණයි

 11/13/2017 - 14:08
48 reads

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයේ පමණක් යෙදෙන බවට වාර්තා වනවා.

ඉන්දීය වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක පවසා තිබුණේ ඔහුව එක්දින තරග සඳහා වැඩි දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියා මාර්ගය ගත්බවයි.

පසුගිය මාස 12ක කාලය තුළ ඇන්ජලෝ මැතිව්ස් දිගින් දිගටම ආබාධවලට ලක් වුණා.

කෙසේවෙතත් ඊයේ අවසන් වූ පුහුණු තරඟයේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු වාර 05ක් යැවූ අතර ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩකයන්  14 දෙනෙකු පන්දු යවා තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
anjelo mathews
cricket