සංගා සහ මැතිව්ස් පමණක් පාකිස්තානයට තෝරා ගනී

 11/13/2017 - 07:17
137 reads

2018 පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයන් තේරීම ලාහෝර්හී දී ඊයේ සිදු කෙරුණා.

අදාළ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි මෙවර තෝරාගෙන  ඇත්තේ.

ඒ අනුව කුමාර් සංගක්කාර මුල්ටාන් සුල්ටන්ස් කණ්ඩායමටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලාහෝර් කොලැන්ඩර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර අදාළ තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තානයේ කරච්චි හී දී පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Kumar Sangakkara
Angelo Mathews
Pakistan Super League