ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට දෙවන තරගයෙන් ජය

 11/11/2017 - 15:07
48 reads

මලයාසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද පැවැත්වුණා.

ඇෆ්ගනිස්තානය සමග පැවති අදාළ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 62 කින් ජය ගත්තා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 42 කට සීමා කෙරුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 196ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායමට සියලු දෙනා දැවීලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

news24.lk
News24
sri lanka news 24
24 news