සංචාරක ශ්‍රී ලංකාවට දෙදින පුහුණු ක්‍රිකට් තරගයක්

 11/11/2017 - 07:02
10 reads

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

තරගය උදෑසන 9.30ට ඉන්දියාවේ කොල්කටා හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වනදා ආරම්භ වනු ඇති.

මේ අතර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙකෙන් විවේක ගැන්වීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Sri Lanka tour of India