පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජය

 11/10/2017 - 15:13
12 reads

මලයාසියාවේ පැවැත්වෙන ආසියානු යොවුන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වු පළමු තරගයෙන් අද ජය වාර්තා කළා.

ඔවුන් හමුවේ කඩුළු 7කින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි යොවුන් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 66ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුළු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news