ඉන්දියාවට එරෙහි සැලසුම බලා ගන්න පුළුවන්

 11/10/2017 - 12:54
44 reads

ඉන්දියාවේදී කිසිදු ටෙස්ට් ක්‍රිකට් තරඟ ජයක් වාර්තාකර නොතිබීම හේතුවෙන් එරටදී දී ටෙස්ට් ජයක් ලැබීමට හැකි වුවහොත් එය සිහිනයක් සැබෑවීමක් බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

කොල්කටාහීදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් චන්දිමාල් සඳහන් කර ඇත්තේ තරුණ ක්‍රීඩකයන්ට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම  ක්‍රීඩා කිරීමේ සහ දක්‍ෂතා දැක්වීමේ අවස්ථාව උදාවී ඇති බවයි.

ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව කණ්ඩායමේ සැලසුම් ඉදිරියේදී දැක බලා ගත හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Dinesh Chandimal