හතුරුසිංහ බංගලාදේශයෙන් අස්වෙයි - ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වෙයිද ?

 11/09/2017 - 19:31
51 reads

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය මස මුලදී තමන්ට ලැබුණු බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත්, ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි නොවන බවයි සභාපති නස්මුල් හසාන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

ඇතැම් විට චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමේ ඉඩකඩක් ද පවතින බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Bangladesh Team Coach
cricket
Chandika Hathurusingha