ඉන්දීය තරගාවලියේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු හෙලිකරයි

 11/09/2017 - 09:27
140 reads

එළැඹෙන ඉන්දීය තරගාවලියේ දී ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම සිය ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසනවා.
පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරගාවලි ජය හේතුවෙන් ක්‍රීඩකයන් මේ වන විට ඉන්දීය තරගාවලිය සදහා මනා සූදානමකින් පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියානු කණ්ඩායම ප්‍රබල අභියෝගයක් වුවත් ඩුබායිහිදී පකිස්ථානු කණ්ඩායම පරාජයට පත් කිරීම තුළින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හොඳ මානසිකත්වයකින් පසුවන බවද ඔහු කියා සිටියා. එම නිසා අභියෝගයට හොඳින් මුහුණ දෙනු ඇති බවට තමා විශ්වාස කරන බවද වැඩිදුරටත් තිලාන් සමරවීර කියා සිටියා. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කිරීම තුළින් තරග ජයග්‍රහණය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

 

news24.lk
News24
sri lanka news 24
24 news