නවසීලන්තය පරදා ඉන්දියාවට ජය

 11/08/2017 - 08:19
7 reads

නවසීලන්තය සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට එකක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති 3 වන 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඉන්දියාවේ - තිරුවානන්තපුරම්හී දී මෙම තරගය පැවැති අතර එම ක්‍රීඩාංගණය වාර්තා අතරට එක් වූයේ ඉන්දියාවේ 50 වැනි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසයි.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 8කට සීමා කෙරුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 67ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 61ක් පමණයි.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලිය හැරුණු විට ඉන්දියාව අවසන් වරට සිය රටේ දී ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්ව ඇත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී වීම විශේෂත්වයක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news