ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්වේ

 11/07/2017 - 18:38
6 reads

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට උදෑසන දිවයිනෙන් පිටත්ව යනවා.

උදෑසන 8යි 25ට ඔවුන් දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ දී අද පස්වරුවේ ආගමික වතාවත්වල ද නිරත වුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දා කොල්කටා හී දී ආරම්භ වීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news