ඉන්දියාවට එරෙහි සංචිතයට කුසල් මෙන්ඩිස් නොමැති විම ගැන තේරීම් කමිටු සභාපති කතා කරයි

 11/07/2017 - 14:17
54 reads

ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර තරග 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වනවා.
ඒ සඳහා නම් කළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විවේචනය කර තිබුණා.
ඒ,  ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මෙම සංචිතය සඳහා ඇතුලත් නොකිරීම හේතුවෙන්.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය වෙබ් අඩවියකට අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සඳහන් කර තිබුණේ මෙය ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ගත් තීරණයක් බවයි.
අඛණ්ඩව තරග කිහිපයක පෙන්  වූ දුර්වලතා හේතුවෙන් තවදුරටත් පීඩාවට පත් නොකිරීම ද තමාගේ අපේක්ෂාව බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news