බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් : කැමේලා වික්ටෝරියන්ස් පරදමින් සිල්හෙට් සික්සස් ජයක් ලබයි

 11/06/2017 - 16:22
96 reads

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැමේලා වික්ටෝරියන්ස් සහ සිල්හෙට් සික්සස් කණ්ඩයම් අතර ඊයේ පැවති තරඟය ජයගැනීමට  සිල්හෙට් කණ්ඩායම සමත් වුණා.

ඒ, වික්ටෝරියන්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කරමින්.

සිල්හෙට් සික්සස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගගේ අර්ධ ශතක ඉනිම සිල්හෙට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරඟයේ කාසිය වාසිය දිනූ සිල්හෙට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැමේලා වික්ටෝරියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු‍ 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්.

කැමේලා වික්ටෝරියන්ස් වෙනුවෙන් මාලන් සැමුවෙල් ලකුණු 60ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  සිල්හෙට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදීලකුණු 148ක් ලබා  ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

news24.lk
News24
sri lanka news 24
24 news