බැඩ්මින්ටන් නිලවරණ කමිටුව 31 පත්කරයි

 10/26/2017 - 17:12
9 reads

නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තහනමට ලක්කර ඇති ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමේ කමිටුව පත්කිරීම එලඹෙන 31 වන දා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු මූස්ථානයේ දී යි.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  සහ බැඞ්මින්ටන් සංගම් නියෝජිතයින් අතර ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී නිලවරණය නොපැවැත්වීමට බලපෑමක් එල්ල කළ අධිකරණයේ විභාගවන නඩුවට සම්බන්ධ පාර්ශවද පොදු එකඟතාවක් වෙනුවෙන් අදහස් දැක් වූ බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Badminton election