සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග‍්‍රාමයක

56

සංවර්ධන ව්‍යාපෘති 180ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ ඓතිහාසික වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී ආරම්භ වී තිබෙනවා.

පසුගිය කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයකට පමණක් සීමා වූ සංවර්ධනය හේතුවෙන් ඇතිවූ සංවර්ධනයේ විෂමතාවය දුරලමින් සමබර සංවර්ධනයක් රටටම ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් අරඹන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ.

ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ සංවර්ධන වැඩසටහන් 180ක් ජනතා අයිතියට පවරාදීමේ ඓතිහාසික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමින්.

      

Your Comments