වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවේ

54

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයින්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටිනවා.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දින 03ක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ ඊයේ ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙඳ සංකීර්ණය සහිත හිඟුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් මේ රටේ පොඩි මිනිසුන් අපේක්ෂා කළ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමේ යෝධ වැඩපිළිවෙළ රජය දැන් කි‍්‍රයාවට නංවමින් සිටින බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ, නිදහස් සමාජයක සතුටින් ජීවත්වීමට මේ රටේ ජනතාව 2015 ජනවාරි 08 වනදා පරිවර්තනය තුළින් තැබූ විශ්වාසය එලෙසම ඉටුකිරීමට දිවි හිමියෙන් කැපවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.

Your Comments