පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන ඇරඹීමට හේතුව ජනපති හෙළි කරයි [Video]

70

රුපියල් කෝටි 6000ක් වියදම් කරමින් පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන් ආරම්භ කිරීමට හේතු වූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය බොහෝ කළ යුතු වැඩ කොටස් ඉටු නොවූ දිස්ත්‍රික්කයක් බවත් එම නිසා සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය සහ යටිතල පහසුකම් යන අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම වැඩසටහන අවුරුදු පහක සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ දිවුලන්කඩවල මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිලි ද්විත්වය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Your Comments