පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට

112

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පිඹිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු අද සිට දින 3ක් තුළදී සිදු කිරීමට නියමිතයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන මෙම සංවර්ධන කටයුත්ත සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6,000ක්.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අයත් ව්‍යාපෘති 110ක්, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති 15ක්, ජල සම්පාදන ව්‍යාපෘති, අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස, බස් නැවතුම්පල, රංග ශාලා වැනි සංවර්ධන ව්‍යාපෘති 180 ක් පත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Your Comments