අගමැතිධුරයේ දිවුරුම් දීම

51

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අග්‍රාමාත්‍යධූරයේ දිව්රුම් දුන්නා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යයාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ, පෙරවරු 11.16ට යෙදුණු සුබ මොහොතින්.

ඒ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්වන්නේ පස්වෙනි වරටයි.

1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරුවා.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව හෙතෙම යළි අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළේ පසුගිය ඔක්තෝබර් 26 වනදා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කරමින්.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අද යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ මහින්ද රාජපක්ෂ ඊයේ (15) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

Your Comments