‘ශ්‍රී ලංකා මාධ්‍යාභිමානි’ විශිෂ්ඨයෝ

16

විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ‘ශ්‍රී ලංකා මාධ්‍යාභිමානි” ජනාධිපති මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයෙන්ද, ප්‍රවීන මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයෙන්ද, ලූෂන් බුලත්සිංහල මහතා රූපවාහිනි ක්ෂේත්‍රයෙන්ද, ලක්ෂ්මන් ජයවර්ධන මහතා වෙබ් මාධ්‍ය වෙනුවෙන් ද ‘ශ්‍රී ලංකා මාධ්‍යාභිමානි සම්මානයෙන් පිදුම් ලැබුවා.

විශිෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනාට සමාන පිරිනැමුනේ ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ දී.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවය පැවැත්වුණා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය කැබිනට් නොවන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ඊට එක්වුණා.

Your Comments