විශිෂ්ටයෝ විශිෂ්ටයන් සමග (PHOTOs)

16

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උලෙළේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දික දිසානායක සහ එම ක්‍රිඩා උලළේ දී බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කු මෙවර දක්ෂතම ක්‍රීඩකයාට සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන මෙවර දිනා ගත්තා.

ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් සංවිධාන කෙරෙන ඉහළම සම්මාන උලෙළ වන ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 17 පස්වරුවේ පැවැත්වුනේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට ජාතික වශයෙන් සම්මාන පිරිනැමෙන එකම උලෙළ මෙයයි.

2017 ජනවාරි සිට වසර 2018 දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ 50කට අධික විශිෂ්ටයන් මෙහි දී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුවා.

තුන්වන වරටත් සංවිධානය කෙරෙණු මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අමිල මෙහෙවරක් ඉටුකළ විශිෂ්ටයින් වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීම ද විශේෂත්වයක්.

ඒ අනුව ජාතියේ ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ක්‍රීඩා ප්‍රභා, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශාන්තර හා ක්‍රීඩා රත්න යන සම්මාන ජනාධිපතිතුමා වෙතින් පිරිනැමුණා.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමි හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

දක්ෂතම ක්‍රීඩකයා – ඉන්දික දිසානායක

දක්ෂතම ක්‍රීඩිකාව – අනුෂා කොඩිතුවක්කු

Your Comments