පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට තුනට බින්දුවක ඓතිහාසික තරගාවලි ජයක්

6

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 13කින් ජය ගැනීමත් සමගයි.
ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.
සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගයට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු පන්දු 48කින් ලකුණු 78ක් රැස් කළා.
එය ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරුවෙකු 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් තරගයේ දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.
හැරිස් සොහයිල් ලකුණු 52ක් රැස් කළා.
පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලූ අතර, ඔහු තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් තරග 3ට 0ක් ලෙස ජය ගත් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

Your Comments