පකිස්ථානයට එරෙහි 20/20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

7

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, ලාහෝර් නුවර පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණූ 182ක් ලබා ගත්තා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සිය මංගල ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය ලබා ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 77ක්.
පන්දු 48කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.
ෂෙහාන් ජයසූරිය ලකුණු 34ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 27ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 4ක් සහ වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවා.
වනිදු සිය කඩුලු 3 පන්දු 4ක් තුළ දී දවා ගැනීම විශේෂත්වයක්.
තරගයේ වීරයා භානුක රාජපක්ෂ.
මෙම තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකාව ඉතිහාස ගත වූයේ ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වන පාකිස්තානය එරට දී ම තරගාවලියකින් පරාජයට පත් කළ පළමු රට ලෙසයි.

Your Comments