UPDATE : මංගල දියවර නිකුත් කෙරේ

මොරගහ කන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා.
නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරධ ජයරත්න සහ ලක්‍ෂමන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින බවයි.
ඒ පිළිබඳව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති භූමියේ සිට වාර්තාවක් ගෙන එන නිව්ස් 24 ප්‍රාදේශීය වාර්තාකරු ඉන්දික අරුණ කුමාර.

මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මහ වේලි නිධන් වස්තු තැන්පත් කිරීම පසුගිය වසරේ ජූලි 25 වන දා සිදු කෙරුණා.
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7ක්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී එනම්, 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබුණා.
එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේදියි.
නූතන යුගයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද
කළුගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලුතින් වගාකිරීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකර මෙගාවොට් 25 ක ජල විදුලි නිෂ්පාදනයකට ද රජය සැළසුම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක්.
කළුගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝමීටර 9 ක උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙන ගොස් එතැන් සිට කිලෝමීටර 67 ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා තවදුරටත් ජලය ගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ සඳහා කිලෝමීටර 26 ක් දිගින් යුත් උමං මාර්ගයක් ඉදිකෙරෙනු ඇති.
මෙම ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ඉදි කිරීම 2018 වසරේදී අවසන් කෙරෙන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කෙරෙන්නේ 2020 වසරේදියි.
මොරගහකන්ද ව්‍යාපෘතියෙන් හිමි වන ප්‍රතිලාභ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මහවැලිසංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා.

 


UPDATE02: මොරගහකන්දට ජලය පිරවීම ආරම්භ කෙරෙයි [Jan 11, 2017 @ 09:43]

මොරගහකන්දට ජලය පිරවීම ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. 2007 වසරේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබුණා. එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදියි.

මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මහවේලි නිධන්වස්තු තැන්පත් කිරීම පසුගිය වසරේ ජූලි 25 වන දා සිදු කෙරුණා.


UPDATE01: මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අද- Jan 11, 2017 @ 09:01

මොරගහ කන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙනවා.

මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මහවේලි නිධන්වස්තු තැන්පත් කිරීම පසුගිය වසරේ ජූලි 25 වන දා සිදු කෙරුණා.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් අධික්‍ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට අපේක්‍ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 555.7 ක්.

2007 වසරේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබුණා.

එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදියි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment