GSP+වල කොන්දේසි ගැන හෙළිදරව්වක්

ජී.එස්.පී ප්ලස් සහනය යළි මෙරටට හිමි වීම ආර්ථික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසනවා.
මෙම සහනය රටවල් කිහිපයකට පමණක් හිමිවීම හේතුවෙන් එහි වාසිය හිමිකර ගැනීමට දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම එම සහනය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් පියවර ගත යුතු බව ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

මේ අතර ජී.එස්.පී ප්ලස් සහනය යළි ලබා ගැනීමේදි පනවා ඇති කොන්දේසිවලට යටත්වීම අනතුරුදායක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාද ජී.එස්.පී ප්ලස් සහනය යළි හිමි වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් තරන්නේ, ජී.එස්.පී ප්ලස් සහනය යළි මෙරටට හිමි වීම ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment