හොඳම මුදල් ඇමති

ආසියානු ශාන්තිකර කලාපයේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම් කර තිබෙනවා.
ද බෑන්කර් සඟරාව මඟින් එම නම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කුමන බාධාවක් පැමිණියද රටේ සංවර්ධනය ඉදිරියටම ගෙන යන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
මුදල් අමාත්‍යාංශයේ නව සූර්ය බල ශක්ති පද්ධතිය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත්, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ජීවන වියදම අවම කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි රවී කරුණානායක මහතා සඳහන් කළේ.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment