හම්බන්තොටට එරෙහි කුමන්ත්‍රණයක්

හම්බන්තොට වරායට ආයෝජකයින් ගෙන ඒම වැලැක්වීමේ අරමුණින් විදේශීය රටවල් කුමන්ත්‍රණක යෙදී සිටින බවට සැකයක් පළ වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
වේයන්ගොඩ – බඳුරාගොඩ විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ විශාල පරිසර හානියක් සිදුවන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ, එම පිරිපහදු සංකීර්ණය නවීන පහසුකම් සහිතව සිදු කරන බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment