UPDATE: ශාන්තිකර්මයක් අතරතුරදී කාන්තාවක් මරුට (හඬ පට)

කුලියාපිටිය දුම්මලසූරිය ප්‍රදේශයේ දී ශාන්තිකර්මයකට පැමිණි කාන්තාවකට ලබාදුන් දියරයක් විශ වී මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් පමණ වන කාන්තාවක බවයි නිව්ස්24 වාර්තාකරු පැවසුවේ.
මියගිය කාන්තාව දේවාලය වෙත පැමිණ ඇත්තේ අපල දුරුකර ගැනීම සඳහා ශාන්තකර්මයක් කරගැනීමේ අරමුණින් බවයි වාර්තාවන්නේ.
එහිදී අදාල කපු මහතා විසින් මතුරමින් සිටින අතරතුර යම් දියරයක් ද පානය කිරීමට ලබා දී තිබෙනවා.
එය පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇති බවයි දුම්මලසූරිය පොලිසිය පැවසුවේ.
දේවාලයේ කපු මහතා මේ වනව විට දුම්මලසූරීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙවැනි සිද්ධීන් වාර්තාවීම සම්බන්ධයෙන් NEWS24 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහචාර්ය මයුර සමරකෝන් මහතාගෙන් ද විමසීමක් කළා.
එහිදි අදහස් දක්විමන් ඔහු කියා සිටියේ මෙය බරපතල සමාජ ප්‍රශ්නයක් බවට මේ වන විට පත් වී ඇති බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment