ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට ජොහැනස්බර්ග් හී දී ආරම්භ වනු ඇති.
තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.
අද තරගය පිළිබද අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් සදහන් කර ඇත්තේ තරගාවලිය තරග 3ට බින්දුවක් ලෙස ජය ගැනීම සිය අපේක්ෂාව බවයි.
පිතිකරුවන් පිතිකරණයේ දී අනවශ්‍ය පහරවල් එල්ල කිරීමේ වරද නැවත නැවත සිදු කිරීමට කණගාටුවට කරුණත් බවත් අවසන් තරගය ජය ගෙන ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීම සිය අපේක්ෂාව බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කර තිබෙනවා.
මේ අතර දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා අද තරගයේ දී තම සිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරග කඩඉම පසුකිරීම විශේෂත්වයක්.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment