ශ්‍රී පාද උඩමළුවේ  අධික සීතලක්

මේ දිනවල ශ්‍රී පාද උඩමළුව ආශ්‍රිතව අධික සීතලක් පවතින බව ශ්‍රී පාද උඩමළුවේ භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් පවසනවා.
ඒ අනුව සීතලට සුදුසු ඇඳුම් පැළද ශ්‍රී පාදය කරුණාකරණ ලෙසයි උන්වහන්සේ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
දුරුතු පොහොය යෙදෙන අද දිනයේ වශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදය කරුණාකිරීමට පැමිණ තිබෙන බවයි නිවුස් 24 වාර්තාකරු සඳහන් කළේ.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් දැනුම්වත් කිරීමට නල්ලතන්නි පොලීසිය කටයුතු යොදා ඇති බවද ශ්‍රී පාද උඩමළුවේ භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මේ දිනවල පවතින මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉර සේවය නැරඹීමට අවස්ථාව අහිමි වීම හේතුවෙන් දීර්ඝ කාලයක් උඩමළුවේ රැදී සිටීම පිළිබඳ වන්දනාකරුවන් අවධානය යොමුකළ යුතු බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment