රුසියාවේ ගණිකා චෝදනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

සිය වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පළවන වාර්තා ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මහජනතාව අතර ව්‍යාජ පුවත් පතුරවා හැරීමට ඉඩ තැබීම සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ චෝදනාවට ලක් කරන බවයි ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ඔහු පවසන්නේ.
තහවුරු නොකරන ලද චෝදනාවලින් පෙනවා දෙන්නේ, ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රුසියාව සතු බවයි.
කෙසේවෙතත් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රහසිගත තොරතුරු රුසියාව සතුව පවතින බවට පලවන වාර්තා ක්‍රෙම්ලිනය ද ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම ඔහුගේ ව්‍යාපාර අවශ්‍යතා කෙරෙහි බලපාන තොරතුරු ද රුසියාව සතු බවට ඇතැම් ඇමරිකානු මාධ්‍ය වාර්තා කොට තිබුණා.
රුසියාව සහ ඇමරිකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතාවලට හානි කිරීමේ අරමුණින් එවැනි ප්‍රචාර ගෙන යන බව රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින්ගේ ප්‍රකාශකයකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment