මහනුවර වැසුණු වාට්ටුව යළි විවෘත කරයි (සේයා රූ/හඬ පට)

මහනුවර ශික්ෂණ රෝහලේ AH1N1 වෛරසය පාලනය කර ඇති බව රෝහල් බලධාරීන් පවසනවා.පසුගිය 8වෙනි දින සිට මහනුවර රෝහලේ පැවති වෛරසය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගිය බවද සඳහන් වූවා. පරීක්ෂණවලින් අනාවරණ වූයේ රෝගීන් දෙදෙනෙකුම ඒ.එච්.වන්. එන්.වන්. රෝගය වැළඳීමෙන් මියගිය බවටයි. තවත් පුද්ගලයන් පස් දෙනෙකුට රෝගය වැළදී ඇති අතර ඔවුන් රෝහලේ ප්‍රතිකාර ලබන බවද බලධාරීන් සඳහන් කරනවා.

වෛරසය වාර්තා වූ වාට්ටුව තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තබුණා. වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන 69 වාට්ටුව මුද්‍රා තබා ජීවානුහරණය කර තිබෙනවා.

AH1N1 වෛරසය පාලනය කර ඇති හෙයින් එය අද (12) යළි විවෘත කර තිබෙනවා.

AH1N1 වෛරසය වැළදී ඇති රෝගීන් වෙනම ස්ථානයක රඳවා ප්‍රතිකාර ලබා දෙන බව මහනුවර ශික්ෂණ රෝහලේ අධක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා.

සේවකයින් සහ අනෙකුත් රෝගීන් මෙන්ම රෝහලට පැමිණෙන පිරිසට ද මේ පිළිබද උපදෙස් ලබාදී වෛරසයෙන් ආරක්ෂා වීම පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.






(සේයා රූ – චන්දන උඩුවාවල)

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment