UPDATE: ආමිස  හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන

වසරේ ප්‍රථම පුන් පොහෝදිනය වන දුරුතු පොහොය යෙදී ඇති අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථාන සඳහා මේ වන විටත් බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.
ඔවුන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැනදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වන බවයි NEWS24 වාර්තාකරුවන් පැවසුවේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර අටමස්ථානය, කැලණිය රජමහ විහාරස්ථානය ආදී ආගමික ස්ථානවලට බැතිමතුන් විශාල වශයෙන් පැමිණ ඇති බව ද වාර්තා වනවා.

මේ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහාම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතුපුර පසලොස්වක පොහෝදින වැඩසටහන සඳහා අද පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්මා විජයාලෝක පුරාණ විහාරස්ථානයේ දී එක් වුණා.

සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන අද (12) පෙරවරුවේ පන්නිපිටිය රුක්මලේ ශ‍්‍රී ධර්මවිජයාලෝක පුරාණ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්  ආරම්භ  වූවා.

ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජාකොට ආශිර්වාද ලබා ගත්තා.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රී මහා සංඝ සභාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරී, පාලි හා බෞද්ධ අධ්‍යයයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙවර සදහම් යාත‍්‍රා ධර්ම දේශකයාණන් වූ අතර ධර්ම දේශණය ශ‍්‍රවණය කිරීමට ද ජනාධිපවරයා එක්වුණා.

සදහම් යාත‍්‍රා ධර්ම දේශනය වැඩසටහන ශ‍්‍රවණය කිරීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, චම්පික රණවක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියා.


දුරුතු පුන් පොහොය දිනය අදයි (UPDATE: Jan 12, 2017 @ 07:14)

වසරේ පළමු පුන් පොහොය දිනය වන දුරුතු පුන් පොහොය දිනය අදයි.

දුරුතු පුන් පොහොය, බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත්කම් රැසක් සිදු වූ පුන් පෝ දිනයක්.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment