ඉන්දියාවෙන්, කැනඩාවේ ඇමර්සන් සමාගමට චෝදනා

ඉන්දියාවේ ජාතික ධජය නිරූපනය වන පාපිසි අලෙවි කිරීමට කටයුතු කර තිබූ කැනඩාවේ ඇමර්සන් සමාගමට එරෙහිව ඉන්දියානු විදේශ කටයුතු ඇමති සුස්මා සුවරාජ් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඇය සඳහන් කරන්නේ, තම රටට සිදු කළ මෙම අපහාසයට ඇමර්සන් සමාගම කොන්දේසි විරහිතව සමාව ගත යුතු බවයි.
එසේ නොමැති වුවහොත් ඇමර්සන් සමාගමේ නිලධාරීන්ට ලබා දී ඇති වීසා අවලංගු කරන බවට සුස්මා ස්වරාජ් අවධාරණය කර සිටිනවා.
ටවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, කැනඩාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතු බවයි.
මේ වන විට ඉන්දීය ධජය ආකාරයෙන් නිර්මාණය කළ පාපිසි වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට ඇමර්සන් සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment