අක්ෂි කාච ජාවාරමට සම්බන්ධ අය

දිවයිනේ සිදුවන අක්ෂි කාච ජාවාරම සඳහා වෛද්‍යවරු සියයට අනුවක්ම සම්බන්ධ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් මැදිහත්ව විසඳුමක් ලබා දිය යුතු බවයි.

වෛද්‍යවරුන්ට එල්ල වන මෙම චෝදනාව සම්බන්දයෙන් නිවුස් 24 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කලා.
එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ, එම ජාවාරම්වලට සම්බන්ධ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අක්ෂි කාච ජාවාරමක් සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව ඉන්දියාවෙන් රුපියල් හයදහසකට ආනයනය කරන අක්ෂි කාච දේශීය වෙළෙඳපොලේ රුපියල් විසි පන්දහසකට වඩා වැඩි මුදලකට අලෙවි වන බව සඳහන්.
ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට එම සාමගම්වලින් මුදල් ලැබීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වන අතර ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටිනවා.
එමෙන්ම වසර 50 ක කාලයක සිට නොමිලේ අක්ෂි සහ පටක ලබා දෙන අක්ෂිධාන සංගමයට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමටද සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
සියළුම රජයේ රෝහල්වලට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සඳහා අක්ෂි සහ පටක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට වූ නව චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment