UPDATE : සුනාමියෙන් මිය ගිය අය සිහිකරයි

18

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමට මෙරට ජනතාව අද උදෑසන එක් වුණා.
එම පිරිස සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් නිශ්ශබ්දතාවය ආරක්ෂා කරමින් ජනතාව ඒ සඳහා එක් වු බවයි වාර්තා වුණේ.
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීමට සමගාමීව අද දිනය සමරණු ලබන්නේ ජාතික සුරක්ෂිතා දිනය ලෙසයි.
සර්ව ආගමික වැඩසටහන්වලට මුල් තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කර ගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද දිනය පුරා ක්‍රියාත්මක වනවා.

රංජිත් රාජපක්ෂ – හැටන්


සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීමට විනාඩි 2ක නිෂ්ශබ්දතාවයට එක් වන්නැයි ඉල්ලීමක් [Dec 26, 2018 09:03am]

සුනාමි ව්‍යවසනය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී ප්‍රධාන සැමරුම සිදු කරන බව ද එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියා.
මෙම ඛේදවාචකය සිදුවී වසර 14ක් සපිරීම නිමිත්තෙන් සියලුම දිස්ත්‍රික කේන්ද්‍ර කර ගනිමින් සැමරුම් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

Your Comments