UPDATE: සම්බන්ධන් නව අගමැති හමු වෙයි – විපක්ෂනායක ධුරයේ වෙනසක් නැහැ

74


විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේ.
එහිදී රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අද පෙරවරුවේ  විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් ද සංවිධාන කර තිබුණා.
මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරයේ වෙනසක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහස්පෙරුම මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළා.


 

සම්බන්ධන් අගමැති හමුවෙයි [ Oct 30, 2018 @ 14:27 ]

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී  වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

අද (30) පෙරවරු 9ට කොළඹ – විජේරාම මාවතේ නිළ නිවසේදී හමුව සිදුව තිබෙනවා.

එම අවස්ථාවට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටියා.

මේ අතර, අද (30) පෙරවරු 11ට විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් ද සංවිධාන කර තිබුණා.

Your Comments