UPDATE : වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 2ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසෙයි

27

තැපැල් සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 2 ක් පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබෙනවා.

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ පස්වරු 4 ට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

මේ දක්වා බලධාරින් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ.


වර්ජනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුව අඩාලයි – වර්ජනය දීප ව්‍යාප්ත වන ලකුණු [Jul 17, 2019 @ 13:44]

තැපැල් වර්ජනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

ඒ තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද අද දිනයේත් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ පස්වරු 4 සිටයි තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කලේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි.

තැපැල් සේවක ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බැවින් සුපුරුදු පරිදි සිය රාජකාරිවල නිරත වන ලෙස අමාත්‍ය එම් එච් ඒ හලීම් මහතා සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

Your Comments