UPDATE : බැදුම්කර වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනන්‍යතාව හෙළිවෙයි

25

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අනන්‍යතාව මේ වන විට හෙළිව තිබෙනවා.
අද පෙරවරුවේ සැකකරුවන් සිව් දෙනෙකු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ද ඊට ඇතුළත්.
සෙසු සැකකරුවන් වන්නේ පර්පචුවල් ට්‍රසෙරීස් ලිමිටඞ් අයතනයේ අධ්‍යක්ෂකවරුවන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය නිවස්වල සිටියදීයි.


බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට [Mar 25, 2019 8:55 am]

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෂෙරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු අද පෙරුවරුවේ අත්අඩංගුවට ගත්තා.
ඒ, පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින්.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒ බව තහවුරු කළා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන්.


Your Comments