UPDATE: නොරොච්චෝලේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

33

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්තවයට පත් කර අවසන් බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ ඒ අනුව එහි විදුලි සැපයුම ජාතික පද්ධතියට එක් කිරීම පිළිබද මූලික කටයුතු සිදුකරමින් පවතින බවයි.
අද දහවල් වන විට එය පද්ධතියට එක් කළ හැකි වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළා.
කෙසේ වෙතත් ඒ දක්වා කාලය තුළ ද විදුලිය බිඳ වැටීම් ඇති විය හැකි බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


නොරොච්චෝලේ ජනන යන්ත්‍රය අද යථා තත්ත්වයට – ප්‍රදේශ රැසකට තවමත් විදුලිය නැහැ [Mar 19, 2019 9:34am]

අක්‍රීය වූ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යතා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද දිනය තුළ සිදුකර අවසන් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා
එම මණ්ඩලය කියා සිටියේ මේ හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටි ඇති බවයි.
මේ අතර, විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යපෘතියේ මුලික අත්හදා බැලීම් මාලාවක් ලබන සතියේදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ තායිලන්ත විශේෂඥයින් පිරිසක් ඒ සඳහා දිවයිනට පැමිණීමට නියමිත බවයි.


වර්ෂාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජල විදුලි උත්පාදන කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බැවින් හැකිතාක් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙසටයි සුලක්ෂණ ජයවර්ධන මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

19_03_0700 ීඹඛ්ණී්‍ය්භ්_02

Your Comments