UPDATE: දෙවන ත්‍රීපුද්ගල මහ අධිකරණය විවෘත කෙරේ

16

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කර තිබෙනවා
දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්’ ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් මෙම අධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇති
පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය වංචා සහ දූෂණ විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 3 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර, එහි පලමු අධිකරණයේ කටයුතු පසුගියදා ආරම්භ වුණා


දෙවන විශේෂ මහ අධිකරණය අද ඇරඹෙයි[Mar 14m 2019 7:39 am]

දෙවන විශේෂ මහ අධිකරණය අද ආරම්භ වනවා. කොළඹ අලුත්කඬේ මහ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී එය ආරම්භ වන්නේ විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
පසුගිය කාලයේ සිදු වු බරපතල මුල්‍ය වංචා සහ අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ මහ අධිකරණ 4 ක් ස්ථාපිත කිරීමටයි රජය තීරණය කළේ.
ඒ අනුව එහි දෙවන අදියර අද ආරම්භ වනවා.

Your Comments