UPDATE: දිස්ත්‍රික්ක 12ක 4126කට බලපෑම් – මරණ 04යි

11

දිස්ත්‍රික්ක 12කට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,156ක පුද්ගලයින් 4,126ක් සඳහා බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක කිහපයකට මිලිමීටර 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතතුළ කරුණානායක මහතා සඳහන් කළා.

මේ අතර, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල න දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය අද රාත්‍රී 7යි 30 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.

අද පස්වරු 3.00 වන විට නිකුත් කෙරුණු ආපදා තත්ත්ව වාර්තාව පහතින් …

Your Comments