UPDATE: ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම බ්ලුමැන්ඩල් සංඛගේ වැඩක් බවට හෙළිවෙයි

27

ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකිර්ණය ඉදිරිපිට අද උදෑසන 8 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගියා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් අයෙකු මිය ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
මිය ගොස් ඇත්තේ, 32 හැවිරිදි දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙක් මෙම වෙඩි තැබීම සිදු කල බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.
තුවාල ලැබූ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ග්‍රෑන්ඞ්පාස් පොලීසිය මගීන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳව පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.


ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමක් – අයෙක් මරුට – තිදෙනෙක් රෝහලට [Dec 26, 2018 10:49am]


ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකිර්ණය ඉදිරිපිට අද උදෑසන 8 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු සිව් දෙනෙකු පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි එක් අයෙකු මිය ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
මිය ගොස් ඇත්තේ, 32 හැවිරිදි දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙක් මෙම වෙඩි තැබීම සිදු කල බවට පොලීසිය සැක පළ කරනවා
තුවාල ලැබූ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගීන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Your Comments