UPDATE: කොරෝනා ආසාදිතයින් ගණන 175ක් දක්වා ඉහළට – සුවය ලැබූ සංඛ්‍යාවත් 33 දක්වා ඉහළට

100

තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් සිව් දෙනෙක් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනවා.
මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් 137 දෙනෙක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කොරෝනා ආසාදනය හේතුවෙන් ලංකාවේ රෝගීන් පස් දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා.
මේ අතර තවත් රෝගීන් 259 දෙනෙකු කොරෝනා බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.


කොරෝනා ආසාදිතයින් ගණන 174 දක්වා ඉහළට – තිදෙනෙක් සුවය ලබා පිටව යයි [Apr 5, 2020 at 20:36]

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඒ අද(05) රාත්‍රී 8 පමණ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 140 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි දෙදෙනෙක් අද දිනයේ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර තවත් පුද්ගලයන් 259 දෙනෙක් කොරෝනා බවට සැකය මත දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

Your Comments