OIC හප්පා පලාගිය ඩිෆෙන්ඩරය සොයා විමර්ශන

57

බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රථය සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ බම්බලපිටිය පොලිසිය විසින්.

අද (24) අලුයම 4.35ට පමණ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඩුප්ලිකේෂන් බුලස් හංදියේදී අනතුර සිදුව තිබුනා.

ස්ථානාධිපතිවරයා යතුරුපැදියෙන්බ කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයක ගැටී ඇති අතර අනතුරෙන් පසු ඩිෆෙන්ඩර් රථය පළාගොස් ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

නිලධාරියා අනතුරට ලක්ව තිබුනේ විශේෂ රාජකාරී කටයුත්තක් සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී.

සබැඳි පුවත්

OIC හප්පා පලාගිය ඩිෆෙන්ඩරය CCTV දසුනෙන් සොයා ගැනෙයි

Your Comments