LTTE හිටපු ළමා සොල්දාදුවා ඕස්ට්‍රේලියාවේදී පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

12

එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී තිබෙනවා.
2017 වසරේ මාර්තු මාසයේදී ඇඩිලේඞ් හිදී පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙනුයි ගනේෂමූර්ති ත්‍යාගරාජා නමැති මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබුණේ.
සිද්ධියට අදාල නඩුව එරට අධිකරණයක් හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු එම ඝාතනයට වරදකරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ඔහුට ඊට අදාල දඩුවම ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.
12 හැවිරිදි වියේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකු ලෙස කටයුතු කර ඇති ගනේෂමූර්ති ත්‍යාගරාජා පසුව බෝට්ටු මාර්ගයෙන් ඔස්ටේ්‍රලියාවට පලාගොස් තිබෙනවා.
මොහු එරට නීති විරෝධිව රැදී සිටි පුද්ගලයෙකු බවට ද අදාල නඩු විභාගයේදී අනාවරණය වී ඇති බව සඳහන්.

Your Comments