IMF විශේෂ නියෝජිතයන් පිරිසක් දිවයිනට

19

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහායි.
ඔවුන් ලබන සඳුදා ශ්‍රී ලංකා මහබැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 105ක ණය මුදලක් අනුමත කළ අතර මේ වන විට ඉන් වාරික 4ක් ලබාදී ඇති තිබෙනවා.
5 වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ එය හිමි වූයේ නැහැ.

Your Comments