Covid-19 ආසාදිත රෝගීන් ගණන 166ක් වෙයි

33

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ(04) දිනයේදී තහවුරු කර ගත් සංඛ්‍යාව හතක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.
මේ වන විට ආසාදිතයන් 134 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබනමින් සිටින බවද එම කාර්යාංශය පවසනවා.
සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් මරණ පහක් වාර්තා වනවා.
මේ අතර කොරෝනා බවට සැකපිට පුද්ගලයන් 273 දෙනෙක් දැනට රෝහල්වල වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

Your Comments