BREAKING: දෙමටගොඩත් පිපිරෙයි – ප්‍රහාර 8ට නගී

78

දෙමටගොඩ ප්‍රදේශයේ දීත් පිපිරුමක් සිදුව තිබෙනවා.

නිවාසයක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරකට පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී කාමරයක් සිටි අයෙක් බෝම්බයක් පුපුරුවාගෙන ඇති අතර එහිදී පොලිස් නිළධාරීන් තිදෙනෙකු මිය ගියා.

පිපිරීමත් සමග බිත්ති කිහිපයක් කඩා වැටී නිලධාරීන් ඊට යටවූ බවයි සඳහන් වූයේ.

මෙම ස්ථානයේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවත්, වෙඩි හඬක් ද ඇසුණු බවත් ඒ අවට පිරිස් පැවසුවා.

විශේෂ කාර්ය බළකාය එම ස්ථානයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේවන විට දිවයිනේ ස්ථාන 08කින් පිපිරීම් වාර්තා වී තිබෙනවා.

පිපිරීම් මාලාවෙන් 186ක් ජීවිතක්ෂයට පත්ව 469කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

01 කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය
02 මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය
03 කොළඹ ශ්‍රැන්ග්‍රිල්ලා හෝටලය
04 කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය
05 මඩකලපුව සෙවෝන් දේවස්ථානය
06 කොළඹ කින්ග්ස්බරි හෝටලය
07 දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ ලැගුම් හලක්
08 දෙමටගොඩ

සබැඳි පුවත්

BREAKING: පිපිරීම් මාලාවෙන් 186ක් ජීවිතක්ෂයට – 469කට තුවාල

Your Comments