කිරිඇල්ලේ අතුරුදන් දරුවා හමුවෙයි
(ජි.ඒ.එස්. ගමඇතිගේ - පැල්මඩුල්ල)

182

පැල්මඩුල්ල  න⁣ගරයේ සිට  බලන්ගොඩ දක්වා දක්වා බස් රථයකින් ගමන් කළ අතරමං වූ බව පැවසෙන පිරිමි දරුවෙකු ඕපනායක පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අවුරුදු 14ක දරුවා පිළිබඳ  පොලිසියට කරුණු දන්වා ඇත්තේ මගියෙකු විසින්.
ඕපනායක පොලිසියේ විමර්ශනවලදී  තහවුරු වී ඇත්තේ ඉකුත් 27 වන දින කිරිඇල්ල ප්‍රදේශයේ දී  අතුරුදන් වූ බව පැවසුනේ  මෙම දරුවා බවටයි.
ඒ පිළිබඳ කිරිඇල්ල පොලිසිය තහවුරු කර ඇති බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඕපනායක පොලිසිය දරුවා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර දරුවා අද (01) දෙමාපියන්ට භාර දීමට නියමිත බවයි ඕපනායක පොලිසිය සඳහන් කළේ.

මේ අතර බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි පිරිමි දරුවෙකු අතුරුදන් වී මාස දෙකක පමණ කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳ  කිසිදු  තොරතුරක් සොයා  ගැනීමට නොහැකි වූ බව බළන්ගොඩ පොලීසිය පැවසුවා.

Your Comments